• 081 221 3652
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
St.Anthony's Boys College Kandy
St.Anthony's Boys College Kandy
  • Register
  • Login
St.Anthony's Boys College Kandy
St.Anthony's Boys College Kandy
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • ක්‍රීඩා හා සමිති
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

 

විද්‍යාලීය විනය නීති රීති පද්ධතිය

 

  • සෑම සිසුවෙක්ම නිවැරදිව සම්පූර්ණ කරන ලද විද්‍යාලයීය දින පොත දිනපතාම විද්‍යාලට රැගෙන පැමිණිය යුතුය. විද්‍යාලය හා නේවාසිකාගාරය විසින් පනවා ඇති නීති එහි විද්‍යාලයීය සිසුන්ගේ යහපත සඳහාම බව සිලකිය යුතුය.
  • විද්‍යාලයීය නීති එහි හා එහි කටයුතු පිළිබඳව දෙමව්පියන් තුලද මනා අවබෝධයක් තිබිය යුතුය.
  • පාසල් කාලය තුළ විනය, අධ්‍යාපන කටයුතු හා විෂය බාහිර කටයුතු (විශේෂයෙන් ක්‍රීඩා) වලට ප්‍රමුඛත්වය දිය යුතුය. මෙම අංශ සියල්ලම සිසු හැඩගැස්මට අත්‍යවශ්‍ය බැවින් සිසුන් මෙම අංශ සඳහා දිරිගැනිවීමට සහ යොමු කරවීමට දෙමව්පියන් පූර්ණ අනුග්‍රහය දිය යුතුය.
  • සිසු සංවර්ධනය සඳහා දෙමව්පියන් / භාරකරුවන් ක්‍රියාශීලීව සහභාගි විය යුතුය. ඒ සඳහා සෑම පාසල් වාරයකම රැස්වීම් වලට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුය.
  • සිසු සංවර්ධනය සම්බන්ධයෙන් දෙමව්පියන් / භාරකරුවන් විදුහල්පති පියතුමා ඔවුන් කැඳවනු ලබන ඕනෑම අවස්ථාවක පැමිණ සාකච්ඡා කිරීමට බැඳී සිටියි.
  • මුල් සිනුව නාද වන විට (පෙ.ව. 7. 40) සියලුම සිසුන් විද්‍යාලයට පැමිණ සිටිය යුතුය.
  • මුළු වසර සඳහාම ගෙවිය යුතු සියලුම ගාස්තු දෙවන වාරය අවසාන වීමට පෙර සෑම සිසුවෙකු විසින්ම ගෙවා අවසන් කර තිබිය යුතුය.
  • විද්‍යාලයට පැමිණෙන සෑම විටම සදාචාරයට ඔබින ඇඳුම් පැළඳුම් වලින් සැරසි පැමිණීමට දෙමව්පියන් (විශේෂයෙන් කාන්තා පක්ෂය) වගබලා ගත යුතුය.
  • විද්‍යාලය මගින් ඉදිරිපත් විය හැකි විභාග බාහිර අයදුම් කරුවෙකු ලෙස අයදුම් කරන සිසුන් විද්‍යාලය හැර ගිය සිසුන් ලෙස සළකනු ලැබේ.
  • තමාට අදාල ආගමික දහම් පාසල් වලට සෑම සිසුවෙකුම අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
  • සිසුන් හා දෙමව්පියන් පාසල් ශ්‍රමදාන කටයුතු වලට අනිවාර්යයෙන් සහභාගිවිය යුතුය.
  • විද්‍යාලයීය පුස්ත කාලයට සහ ශිෂ්‍යත්ව අරමුදලට දෙමව්පිය දායකත්වය බලාපොරොත්තු වේ.
  • විද්‍යාලය තුලදී සොයා ගනු ලබන පරිහරණය තහනම් කල භාණ්ඩ (උදා: ජංගම දුරකථන, පරිගණක උපාංග) ආපසු දෙනු නොලැබේ.
  • සෑම සිසුවෙකුම විද්‍යාලයේ කීර්ති නාමය රැක ගනීමට බැඳී සිටින බව තරයේ මතක තබා ගත යුතුය. නොඑසේ නම් විනය දණ්ඩන වලට යටත් කෙරෙනු ඇත.
  • විද්‍යාලය හැරයාමෙන් පසුවද ආදී සිසුවකු වශයෙන් විද්‍යාලයේ කීර්ති නාමය රැකගැනීම ඔබගේ පරම යුතුකම් බව සලකන්න.

 

 

 

විද්‍යාලයට නොපැමිණීම

 

  • පන්තියට යාමට පෙර සෑම සිසුවෙකුම ලිපිය සහතික කර ගත යුතුය.
  • සති අන්ත හා සම්බන්ධ පාසල් දිනවලදී පන්ති වැරිමට අවසර නැත. සාධාරණ හේතුවක් නිසා නොපැමිණිය හොත් සිසුන් තම දෙමව්පියන් / භාරකරුවන් සමග පැමිණ නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුය.
  • වෛද්‍ය සායන කටයුතු සඳහා වේලාව වෙන් කරගෙන ඇති විට පූර්ව අවසරය ලිඛිතව ලබා ගත යුතුයි. 
  • දෙමව්පියන්ට සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 7.30 - 7.50 සහ පස්වරු 2.15 - 3.00 දක්වා විදුහල්පති පියතුමා හමුවිය හැකිය.
  • විදුහල්පති පියතුමාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව විවාහ මංගලය, දාන, වන්දනා ගමන් හා අවමංගල්‍ය කටයුතු ආදිය සඳහා පන්ති වැරීමට අවසර නැත. විවාහ මංගල දාන, වන්දනා ගමන්, හා අවමංගල්‍ය කටයුතු ආදිය නිදහසට කරුණු නොවේ.
  • විදුහල්පති පියතුමාගේ ලිඛිත අවසරයක් නොමැතිව පාසල් වේලාව තුළ කිසිම සිසුවෙකු විද්‍යාලයීය භූමියෙන් බැහැර නොවිය යුතුය. එසේ බැහැර වන විට නිකුත් කරනු ලබන අවසර ලිපිය විද්‍යාලයීය භූමියෙන් පිටතදී තමා සතුව තබා ගත යුතුය. අවසර ලබා ගැනීම සදහා විද්‍යාලයිය දිනපොත ඉදිරිපත් කල යුතුය.

     

     

නිල ඇඳුම

 

  • සුදු කමිසය (අත් කොට) සමග නිල් කොට කලිසම හෝ සුදු කමිසය (අත් කොට) සමග සුදු කලිසම (බෙල්බොටම් නොවන) ඇතුලත්ව සුදු මේස් හා කලු සපත්තු (සම්මත වර්ගයේ) විද්‍යාලයීය නිල ඇඳුම් වේ. විද්‍යාලයීය නිල ලාංඡනය පැළඳීම සහ වර්ණ තීරුව කමිස සාක්කුවේ මසා තිබීම අනිවාර්යය වේ. විශේෂයෙන් දැනුම් දෙනු නොලැබූ අවස්ථාවකදී සිසුන් විද්‍යාලයීය උත්සව, ක්‍රීඩා ඇතුළු විෂය සමගාමි කටයුතු සඳහා විද්‍යාලය තුළ හා පිටතදීත් නිලි ඇඳුමෙන් සැරසී සිටිය යුතුය.

 

 

 

විද්‍යාලයීය නිල ලාංඡනය සහ වර්ණ භාවිතය

 

  • විද්‍යාලයීය නිල ලාංඡනය සහ වර්ණ භාවිතයට පෙර විදුහල්පති පියතුමාගේ ලිඛිත අවසරය ලබා ගත යුතුය. එසේ නොකිරීම නිල ලාංඡනය සහ වර්ණ යෙදු භාණ්ඩ තහනමට ලක් කිරීමට හේතු වේ.

 

 

 

ප්‍රගති වාර්තා පොත් හා අස්විම් සහතික

 

  • විද්‍යාලය හැර ගොස් මාස 3ක් ඇතුලත තම අධ්‍යාපන සහතික, චරිත සහතික, ක්‍රීඩා සහතික යනාදිය ලබාගත යුතුය. කල් පසුවි සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන අය ඒ සඳහා කැඳවීම පත භාර දෙන දිනය තෙක්ම සේවා පහසුකම් ගාස්තු ආදිය ගෙවිය යුතුය.
  • සෑම බදාදාකම පමණක් ප.ව. 2.30 පසු සහතික නිකුත් කරනු ලැබේ. චරිත සහතිකයේ ඔබගේ පැමිණීමේ සටහන් කෙරෙනු ඇත. (විශේෂයෙන් අ.පො.ස. (උ. පෙළ) සිසුන් සඳහා), සහතික සූදානම් කිරීමට සතියක කාලයක් ගත වන බව සලකන්න.
  • විභාගයකට පසුව සිසුවාගේ අධ්‍යාපනික සංවර්ධනය සහිතව ප්‍රගති වාර්තාවක් නිකුත් කෙරෙනු ඇත. ඒ මගින් පසුගිය වාරයේ ප්‍රගතිය අධ්‍යනය කර එය නව පාසල් වාරය ආරම්භක දිනයේදීම දෙමව්පිය / භාරකාර අත්සන යොදා නැවත භාර දිය යුතුය.
  • චරිත සහතිකය සඳහා අයදුම් කරන විට ප්‍රගති වාර්තාව ඉදිරිපත් කල යුතුය.

 

St.Anthony's Boys College Kandy

St. Anthony's College, Kandy

Since 1854

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • ක්‍රීඩා හා සමිති
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය

Contact us

  • ලිපිනය Katugastota Road, Kandy 20000
  • දුරකථන
    081 221 3652
  • ෆැක්ස්
    081 221 3559
 

Supported By

© 2026 St.Anthony's Boys College Kandy. All rights reserved. Design with by Webcomms Global | Help Desk